Friday, May 24, 2024
HomeLocalක්‍රිකට් අර්බුද මැද වනිදු හසරංග 20/20 ශ්‍රේණිගත කිරීම් වල 5 වැනි...

ක්‍රිකට් අර්බුද මැද වනිදු හසරංග 20/20 ශ්‍රේණිගත කිරීම් වල 5 වැනි තැනට

මේ දින වල ක්‍රිකට් සම්භන්දව විශාල වශයෙන් කතා බහට ලක්වන බව දැක ගත හැකිය.එයට හේතුව වන්නේ එංගලන්තය සමග මේ දින වල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී දිගින් දිගටම ලබන පරාජයන් නිසාවෙනි.කෙසේ වෙතත් මෙම පරාජයන් සඳහා විවිද හේතු බලපාන බවට සමාජය තුළ යම් කථිකාවක් ගොඩනැගී ඇත.

ඒ කෙසේ වෙතත් මෙම පරාජයන් හා ක්‍රිකට් අර්බුද හමුවේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ, එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙනි.ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි ස්ථානයේ රැදී සිටි අතර
මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සදකැන්ට මේ වන විට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.

- Advertisment -

Most Popular

Recent Comments