Friday, May 24, 2024
HomeLocal15 හැවිරිදි දැරිය online ක්‍රමයට ලිංගික කටයුතු වලට අලෙවි කළ හා භාවිතා...

15 හැවිරිදි දැරිය online ක්‍රමයට ලිංගික කටයුතු වලට අලෙවි කළ හා භාවිතා කළ පිරිස අත්අඩංගුවට

මේ වන විට අප රට පත්වී තිබෙන සමාජ සංස්කෘතික විනාශය කොතරම්ද යන්න පිළිබිඹු කරමින් පසුගිය දිනකදී වයස අවුරුදු 15ක දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ පුවතක් වාර්තා විය.ඒ අනුව එලෙස 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටී.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

සැකකරුවන් තිදෙනා සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සහ චිවරධාරියෙකු ද සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනා අද දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ප්‍රධාන සැකකරු විසින් මෙම දැරිය මාස 03 ක කාලයක් රුපියල් 10,000-30,000 අතර මුදලට අලෙවි කොට ඇති බව පොලිස් විමර්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments