Friday, May 24, 2024
HomeUncategorizedබැසිල් කියන්නේ සක්‍රයා නෙවෙයි - ඇමති ප්‍රසන්න කියයි

බැසිල් කියන්නේ සක්‍රයා නෙවෙයි – ඇමති ප්‍රසන්න කියයි

මේ දින වල දේශපාලන වේදිකාවේ විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද යන කාරණාවයි.කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් වන අතර තමන් වෙත පැවරුණු සියලු වගකීම් සාර්ථකව ඉටු කළ නායකයෙක් බවයි.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් මම පෞද්ගලිකව කැමති. අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේදී ගෝඨාභය මහත්තයා යුද්ධෙ කරන්න බාර ගන්න කොට යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළ නායකයා වන්නේ බැසිල් රාජපක්ෂයි.

එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් එය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙලට ලොකු ශක්තියක් එක් කරන බවද ඒ මහතා සදහන් කරන ලදී.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් අනතුරුව ඉන්ධන මිල පහල දමන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය තෙල් මිල ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි.

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබීය.

- Advertisment -

Most Popular

Recent Comments