Friday, May 24, 2024
HomeSportsභානුක ඉන්දියානු තරඟාවලියට තෝරා ගනියි

භානුක ඉන්දියානු තරඟාවලියට තෝරා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් යෝග්‍යතා ඉලක්ක සපුරා ගැනීමෙන් පසු භානුක ඉන්දියානු තරඟාවලියට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මහතා අවශ්‍ය සියලුම යෝග්‍යතා පරීක්ෂණ සමත් වීමෙන් පසු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව රාජපක්ෂ කිලෝමීටර් 2 ක ධාවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය වී එය මිනිත්තු 8.33 කින් නිම කිරීමට සමත් වී තිබේ.

විශේෂයෙන්ම ඔහු සිය Skinfolds අගය 104 සිට 71 දක්වා අඩු කරගනිමින් Skinfolds පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රතිපත්තියට ළඟා වී තිබේ. සාමාන්‍යයෙන් එය 85 ට වඩා අඩු විය යුතුයි.

ඒ අනුව භානුක රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිලෝමීටර් 2 ක ධාවනය සහ skinfold පරීක්ෂණ දෙකම සම්පූර්ණ කර සමත් වීමෙන් පසු ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් මෑතදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රාජපක්ෂට එරෙහිව දියත් කළ පරීක්ෂණය ද අවසන් කර තිබේ.

ශාරීරික යෝග්‍යතාවය නොමැතිකම හේතුවෙන් ජාතික සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විවේචනය කිරීම සම්බන්ධයෙන් භානුක සමාජ මාධ්‍ය වල සිරස්තල මැවීමට සමත් වුණි. ඉන්පසු ඔහු තමා සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙක් බව ඔප්පු කිරීම සඳහා යෝග්‍යතා අභියෝගයක් භාර ගත්තේය.

ඒ අනුව රාජපක්ෂ සිය බර කිලෝග්‍රෑම් 85 සිට කිලෝග්‍රෑම් 76 දක්වා අඩු කරගෙන ඇති අතර දින 40 ක කාලයක් තුළදී කිලෝමීටර් 2 ක ධාවන පථයක් සහ skinfold යෝග්‍යතා පරීක්ෂණය ද සමත් වී ඇත.

අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමෙන් පසු භානුක රාජපක්ෂ මහතා එළඹෙන ඉන්දියානු සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මේ වෙද්දී සුදුසුකම් ලබා ඇත.

- Advertisment -

Most Popular

Recent Comments