Friday, May 24, 2024
HomeLocalඇමරිකන් ෆයිසර් එන්නත හිමිවූ ආසියාවේ පළමු රට බවට ලංකාව පත්වේ - මාත්‍රා...

ඇමරිකන් ෆයිසර් එන්නත හිමිවූ ආසියාවේ පළමු රට බවට ලංකාව පත්වේ – මාත්‍රා 26,000ක් ඊයේ දිවයිනට

මේ දින වල ලෝකය පුරාවටම එන්නත්කරණ වැඩ සටහන ඉතාමත් සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අනුව ශ්‍රී ලංකාව තුළද මේ වන විට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉතාමත් කාර්යක්ෂම මට්ටමින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එයට සහාය වීම සදහා ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය.එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් වෙයි.

සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දකුණු ආසියාවේ රටකට ෆයිසර් එන්නත් තොගයක් ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙස සැළකිය හැකිය.
ෆයිසර් එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ගබඩාවක තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන ලදී.

එම එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments