Friday, May 24, 2024
HomeLocalඅ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා ඉල්ලුම්පත් අද සිට Online හරහා

අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා ඉල්ලුම්පත් අද සිට Online හරහා

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ 2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලූම්පත් භාරගැනීම අද ආරම්භ වේ.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ ලබන 30 වනදා දක්වා ඉල්ලුම්පත් භාරගන්නා බවයි.

මාර්ගගත ක්‍රමයට (Online) පමණක් සියලූම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් භාරගැනෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටී.

මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් ජංගම දුරකථන ඇප්ලිකේෂනය හරහා ලියාපදිංචි විය හැකියි.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව මේ වන විට වාර්තා වේ.

- Advertisment -

Most Popular

Recent Comments