Thursday, January 9, 2025
HomeLocalරථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී Online ක්‍රමයක්

රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී Online ක්‍රමයක්

මේ දින වල කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ බොහෝ අංශ ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වෙමින් පවතින බව දැකගත හැකිය.ඒ අනුව ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ක්‍ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය සදහන් කර සිටී. රියදුරු බලපත්‍ර සදහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර් ගත කර රියදුරු විසින් සිදුකරන වැරදිවලට අනුව අදාළ ලකුණු අඩු වන ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සදහන් කර සිටී.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,226 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබේ.ඊයේ සිට ආරම්භ වූ රිය අනතුරු වැළැක්වීමේ සතිය වෙනුවෙන් බීමත් රියදුරන් සහ ධාවනයට නුසුදුසු වාහන පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments