Friday, May 24, 2024
HomeLocalශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් උදරයේ සැත්කමක් නිසා දින 7කට රෝහල් ගත කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් උදරයේ සැත්කමක් නිසා දින 7කට රෝහල් ගත කරයි

ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ජීවමාන දෙවියන් බඳු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මේ දින වල අසනීප තත්වයෙන් පසුවන බව වාර්තා වේ.ඒ අනුව රෝහල් ගත කිරීමෙන් පසුව උදරයේ සැත්කමකට ලක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත් එතුමන්ට දින 7 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ රැදී සිටීමට සිදුවනු ඇති බව වතිකානය අද (6) නිවේදනය කර තිබේ.

පාප්තුමන්ට සැත්කම සිදු කළේත්, එතුමන් මේ වනවිට රැඳී සිටින්නේත් රෝමයේ ජෙමෙල්ලී ශික්ෂණ රෝහලේය. ‍

පාප්තුමන් සැත්කමට භාජන කෙරුණේ ඉරිදා (4) සවසය. සැත්කම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතවිය. සාමාන්‍ය නිර්වින්දන තතත්වයක් යටතේ ඒය සිදු කර ඇති බව මේ වන විට වාර්තා වේ.කෙසේ වෙතත් උන් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද වාර්තා වේ.

- Advertisment -

Most Popular

Recent Comments