Thursday, January 9, 2025
HomeLocalසෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය නිසා ජනතාව විශාල පීඩා - විසදන්න ජනපතිට,අගමැතිට ඇරයුම්

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය නිසා ජනතාව විශාල පීඩා – විසදන්න ජනපතිට,අගමැතිට ඇරයුම්

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත සියලුම දෙනා සිය කැපවීම ඉතාමත් විශිෂ්ඨ මට්ටමින් ඉටු කරමින් සිටී.එවැනි පසුබිමක් තුළ ඔවුන්ගේ වරප්‍රසාද හා පහසුකම් සපයා දීම රටේ රජයක් විසින් සිදු කළ යුතු දෙයකි.මෙම කරුණු ඉටු නොවීම නිසා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වේ.

බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් මෙම ගැටළු විසදීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය ඉල්ලීම් පිළිබද සළකා බැලීමට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙස වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීමක් ද කර තිබේ.

එසේම තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිය වර්ජනයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි.

සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් වෙත පැමිණෙන ජනතාවද පීඩාවට පත්ව සිටින අතර රෝහල් වෙත පැමිණි බොහෝ දෙනෙකු ද ප්‍රකාශ කළේ මෙරට රජයේ සෞඛ්‍ය සේවය පහත් තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රෝගීන් බිල්ලට දී ඇති බව ඔවුන් චෝදනා කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments