මේ දින වල පවතින ක්‍රිකට් සම්භන්ද ගැටලුව නිරාකරණය කිරීමට විවිද පාර්ශව උත්සාහ දරමින් සිටී.ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මේ දින වල සමාජ මාධ්‍ය හරහා වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම් රටාව හා ක්‍රීඩා කරන විලාශය විශාල වශයෙන් විවේචනය කරමින් සිටී.
එසේම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටී..
ට්විටර් සටහනක් තබමින් මාලිංග සදහන් කළේ ඒ පිළිබදව වගකිව යුතු කිසිදු නිලධාරියෙක් තමන් සමග මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.
තමන් තවමත් ජාතික පනදුවාර විස්ස තරග පිටියෙන් විශ්‍රාම ගෙන නොමැති බවද මාලිංග එහිදී සදහන් කර තිබේ.ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ලසිත් මාලිංග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කටයුතු කිරීමට නියමිත බවට පසුගිය දිනවල වාර්තා පළව තිබේ.