Friday, May 24, 2024
HomeLocalබැසිල් රාජපක්ෂ නව මුදල් ඇමැති ලෙස දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමැති ලෙස දිවුරුම් දෙයි

පසුගිය දින කිහිපය පුරාවටම සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේත් වැඩි කතා බහට ලක්වූ මාතෘකාවට අද පිළිතුරක් හිමිවී තිබේ.ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුණි.

ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කරන ලදී.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය.

කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments