මේ දින වල ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය වෙතයි.ඒ අනුව වසර 55 කට පසු ප්‍රධාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් වි තිබේ.
ඒ, මේ වන විට පැවැත්වෙන යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේදීයි.ඔවුන් මෙම වාර්තා ගත කඩඉම පසුකර ගියේ ඩෙන්මාර්කය, ගෝල 2 ට 1 ක් ලෙස පරාජයට පත් කරමිනි.
එංගල්තය මීට පෙර අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණේ 1966 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයටයි.
එහිදී ගෝල 4 ට 0 ක් ලෙස එංගලන්තය ශූරතාව දිනා ගත්තා.යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වුණේ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදීයි.එංගලන්තය එලෙස අවසන් පූර්ව වටයේ තරගයකට සහාභාගී වූයේ ද වසර 22 කට පසු පළමු වරටයි.
එම තරගයෙන් එංගලන්තය සුපිරි ජයක් වාර්තා කළේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් 64,950 ක් ඉදිරියේයි. කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ වුවද, මෙලෙස අධික ප්‍රෙක්ෂක සහභාගීත්වයකින් පැවැති මෙම තරගයට ලෝකයේම අවධානය හිමිවුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද තරගය නැරඹීමට පැමිණ සිටි බව දැක ගත හැකි විය.
යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉතාලිය සහ එංගලන්තය අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.