මේ වන විට කොවිඩ් වසංගත තත්වය මත රට තුළ ක්‍රියාත්මක වූ සංචරණ සිමා ක්‍රමිකව ලිහිල් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඒ අනුව පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ එළැඹෙන 9 වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මංගල උත්සව පැවැත්වීම තහනම් කර ඇති අතර විවාහ ලියාපදිංචි කිරීම පමණක් මනාලයා හා මනාලිය ඇතුළත්ව 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
මංගල උත්සව පැවැත්වීම අත්හිටුවා ඇති පසුබිමක මංගල උත්සව ආශ්රිත ජීවිකාව පවත්වාගෙන යන ව්‍යාපාර රැසක් බිදවැටී ඇති බවට පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්ව විසින් අදහස් පලකරනු ලැබීය.