බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමග රටේ ජනතාවට විශාල සහන රැසක් හිමිකර දීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති බවට මේ වන විට වාර්තා පළ වෙමින් තිබේ.
ඒ අතරට පසුගිය දින වලදී ඉහළ ගිය ඉන්ධන මිළ අඩු කිරීමටද කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වේ.