ඊයේ දිනයේ මෙරට දේශපාලන ක්ෂේත්රයේ යම් පෙරළියක් සිදු කරමින් හිටපු අමාත්‍යවරයෙක් වූ බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙන ලදී.ඒත් සමගම මුදල් අමාත්‍යංශය වෙත ආයතන රැසක් පැවරුණු අතර එසේ පවරා තිබූ ආයතන 03 ක් යළි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබේ.
එම ආයතන වන්නේ බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදලයි.මෙම ආයතන මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු යටතට අයත්ව තිබූ ආයතනයි.
එහෙත් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම්දීමත් සමඟ මෙම ආයතන 03 ඔහු යටතට පත් කෙරුණා.අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්, අලුතින් පිහිට වූ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබුණේ ආයතන 10 ක් පමණයි.නව තීරණයත් සමඟ එම අමාත්‍යංශයට ආයතන 13 ක් අයත්වේ.