මේ දින වල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා බහට ලක්වන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය ඊයේ දිනය වන විට තවත් උඩු දුවන මට්ටමට පත්වී තිබේ.ඒ අනුව තමන් ඕනෑම අවස්ථාවක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කරන ලදී.බොහෝ දෙනා සිතා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු සංවිධානාත්මක ස්වභාවයකින් කටයුතු නොකරන බවයි.ඒ කෙසේ වෙතත් සිය පක්ෂය මේ වන විටත් ඉතා හොදින් සංවිධානය වෙමින් පවතින දේශපාලන පක්ෂයක් බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
එසේම ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු සියලු පාර්ශවවලට මුල අමතක වීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බවයි.එදා ජනාධිපතිවරණය මොහොතේ පක්ෂයක් ලෙස සහාය නොදැක්වූවා නම් අද වත්මන් ජනාධිපතිතුමා පවා නොසිටින්නට තිබූ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කාරණ ලදී.