පසුගිය දින වලදී රටේ විවිද ප්‍රදේශ වල උද්ගෝෂණ සංවිධානය වූ අතර ඒවාට පොලීසියෙන් දිගින් දිගටම බාධා එල්ල විය.කෙසේ වෙතත් නිරෝධායන නීති මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පොලීසිය කටයුතු කළේ පවතින කොවිඩ් වසංගත තත්වය මත පදනම්වයි.
කෙසේ වෙතත් රටේ පවතින නිරෝධායන නීතියට අනුකූලව දිවයින පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි සමගි ජනබලවේගය අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළේය.
සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජන් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් , පොලිස්පති , සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගපදේශන වලට අනුව හා නිරෝධායන නීතියට අනුකූලව පවත්න සමාකාමී උද්ඝෝෂණ වලට සහභාගීවන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම කටයුතු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම ගොනු කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මහතා ඇතුළු පිරිසකද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියහ.