පසුගිය යහපාලන රජය සමයේ කිසිඳු පදනමක් නොමැතිව එවකට විපක්ෂයේ කටයුතු කළ හා විපක්ෂයට සහාය දැක්වූ අයවලුන් හට නඩු පැවරීමට කටයුතු කර තිබුණි.ඒ අනුව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට එවකට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව දැන ගැනීමෙන් පසුව මහාධිකරණ නඩුවක් ගොනු කරන ලදී.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති වශයෙන් කටයුතුකරමින් සිටියදී එම කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණයකළේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩුවක් අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය කර තිබුණි.
විදේශ ගමන් තහනම ඉවත්කරමින් නිකුත්කළ එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුවත්කිරීමට පියවරගන්නා ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.