Friday, May 24, 2024
HomeLocalකාබනික පොහොර යොදා මහා කන්නය වගා කිරීමට කැමති ගොවීන්ට රු.12,500ක දීමනාවක්

කාබනික පොහොර යොදා මහා කන්නය වගා කිරීමට කැමති ගොවීන්ට රු.12,500ක දීමනාවක්

මේ වන විට මෙරට සමාජයේ විශාල ගැටළුවක් බවට පත්වී තිබෙන්නේ කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැති වීමයි.දිවයිනේ ප්‍රදේශ රැසකින්ම පොහොර හිගය පිළිබඳව උද්ගෝෂණ ක්‍රියාත්මක වන මොහොතක එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරිදීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික පොහොර භාවිතා කිරීමට කැමැත්ත දක්වන සෑම ගොවියෙක් සඳහාම මෙම දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments