Friday, January 10, 2025
HomeLocalOnline ක්‍රමයෙන් ගුරුවරු ඉවත් කිරීම පිටුපස සිටින සියල්ලෝම කාලකන්නි - ඇමති කෙහෙළිය...

Online ක්‍රමයෙන් ගුරුවරු ඉවත් කිරීම පිටුපස සිටින සියල්ලෝම කාලකන්නි – ඇමති කෙහෙළිය කියයි

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මේ වන විට රට අභියෝග රැසකට රට මුහුණපා සිටින අවස්ථාවක ගුරු සංගම් කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය සදාචාරාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කර සිටී.

කොතලාවල පනත පිළිබඳව නිසි අධ්‍යනයක් හෝ නොමැතිව මෙම ගුරු සංගම් හා විපක්ෂ දේශපාලන කණ්ඩායම් කටයුතු කරන බව තමාට හැඟී යානා බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී.

එසේම හතලිස් තුන් ලක්ෂයක් වන මෙරට පාසල් දරුවන්ගේ ජිවිත සමග මේ අකාරයෙන් කටයුතු කිරීමට කවුරුන් හෝ පිරිසක් ගුරු සංගම් මෙහෙය වන්නේ නම් එය කාලකන්නි ක්‍රියාවක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කරන ලදී.එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උ/පෙළ හා සාමාන්‍ය පෙළ විභාග වලට මෙවැනි පදනමක් මත දරුවන් යොමු කරන්නේ කෙසේද යන්නත් ඉදිරියේදී සලකා බලන බව අමාත්‍යවරයා සදහන් කරන ලදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments