Friday, January 10, 2025
HomeLocalඅපයෝජනවලට ලක්වූ දරුවන් ලබාදෙන සාක්ෂි වීඩියෝ ලෙස පටිගත කිරීමේ ඒකක 9...

අපයෝජනවලට ලක්වූ දරුවන් ලබාදෙන සාක්ෂි වීඩියෝ ලෙස පටිගත කිරීමේ ඒකක 9 ක් පළාත් මට්ටමින් ආරම්භ කිරීමට සූදානම්

මේ දින වල බාල වයස්කාර දැරියක් ගණිකා සේවයේ යෙදවීම හා ඇයට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්භන්දව පොලීසිය විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටී.මෙයට අදාළව විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගැනුණු අතර එය සමාජයේ විශාල කතා බහක් නිර්මාණය කර තිබේ.

මෙම සිද්ධියට සමගාමීව විවිධ අපචාර හා අපයෝජනවලට ලක්වූ දරුවන් ලබාදෙන සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 9 ක් පළාත් මට්ටමින් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. පළාත් සියල්ල ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම ඒකක පිහිටුවීමට නියමිතය.

විවිධ අපචාර හා අපයෝජනවලට ලක්වන දරුවන් එම සිද්ධියට අදාළව ලබාදෙන සාක්ෂිය අධිකරණ ක්‍රියාවලියේදී ඉතා වැදගත් වන අතර එම සාක්ෂි වීඩියෝ සාක්ෂි ලෙස ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදන පවතී.

දැනට මෙම සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ පමණි .

- Advertisment -

Most Popular

Recent Comments