අද දිනයේදී රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන ස්ථාන දෙකක නව තනතුරු සඳහා පත්කිරීම් දෙකක් සිදු කරන ලදී.ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.
ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් අනූෂ පැල්පිට මහතා වෙත ඉකුත් සඳුදා දිනයේදී් යොමුකර ඇති බව වාර්තා වේ.
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු එම ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් 08 වනදාය.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පත්කර තිබේ.ඒ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ඉවත් වීමෙන් පසුවය.උදය නානායක්කාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (13) දිනයේදී නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා අතින් ලබා ගන්නා ලදී.