Sunday, January 12, 2025
HomeLocalඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට පැමිණි ආපු පොඩි ළමයින්ට පිළිතුරු ලබා දීමට මම සූදානම්...

ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට පැමිණි ආපු පොඩි ළමයින්ට පිළිතුරු ලබා දීමට මම සූදානම් නෑ

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විවිද හැලහැප්පීම් සිදුවන බව මාධ්‍ය හරහා දැක ගත හැකිය.එහි ප්‍රධානතම සාධකයක් ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හඳුනා ගත හැකිය.

ඒ බව සනාථ කරමින් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට පැමිණි ආපු පොඩි ළමයින්ට පිළිතුරු ලබා දීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එමෙන්ම, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 21 වනදා ජනාධිපතිවරයාවත් ඉන් පසුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවත් හමුවීමට සූදානම් බවත් ඒ මහතා සදහන් කර සිටී.

කුමන පක්ෂයක් පැමිණිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳනොවැටෙන බවත් ‘බල්ලන් බිරූ නමුත් කඳු පහත් නොවන’ බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“21 වනදා ජනාධිපතිතුමාව හමුවෙන්න අපි ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව එතුමාව හමුවෙනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන දේ දැම්ම කියන්න බෑ. අපේ ජනාධිපතිතුමා හමුවෙන්න අපිට පදනමක් ඕනේ නෑනේ. අපි බැසිල් රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනවා. කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම කියන්න තියෙන දේ ගිය සතියේ කිව්වා. ආයේ කතා කරන්න දෙයක් නෑ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ. බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නෑ නේ. මොන පක්ෂයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නෑ.”

- Advertisment -

Most Popular

Recent Comments