Saturday, January 11, 2025
HomeLocalජනපති උපදෙසින් සියලු රෝහල් වලට කඩිනමින් සහන

ජනපති උපදෙසින් සියලු රෝහල් වලට කඩිනමින් සහන

කොවිඩ් වසංගත තත්වය හමුවේ මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල කැපවීමක් පෙන්නුම් කරන බව අප කවුරුත් දන්නා කරුණකි.ඒ අනුව දිවයින පුරා සියලුම රෝහල්වලට වෛද්‍යවරුන් හෙදියන් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය .

මේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.මේ අතර කොවිඩ් පැතිරීමේ අවදානමක් පවතින රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අටකට රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) සිදුකෙරිණ .

මෙසේ වෛද්‍ය උපකරණ පිරිනමනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මූලික රෝහල, ඇහැලියගොඩ මූලික රෝහල, කලවාන මූලික රෝහල, කහවත්ත මූලික රෝහල, පොතුපිටිය ප්‍රාදේශීය රෝහල, මාරතැන්න ප්‍රාදේශීය රෝහල, ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල සහ රක්වාන මූලික රෝහල යන රෝහල් සඳහාය .

රත්නපුර දිස්ත්‍රික්කයේ රුපියල් කෝටි පන්සියයකට අධික වියදමින් සිදුකෙරෙන රෝහල් සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රධානත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) පැවැත්විණ.

- Advertisment -

Most Popular

Recent Comments