පාස්කු ප්‍රහාරය මෙරට දේශපාලනයේ ඉතාමත් තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.එහිලා විවිද පාර්ශවයන් මේ වන විටත් අත්අඩංගුවට පත්වී නීතිමය කටයුතු සිදු වෙමින් පවතින පසුබිමක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමාව එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දෙන ලදී.