Sunday, January 12, 2025
HomeLocalහජ් උත්සවය නිමිත්තෙන් සතුන් ඝාතනය මෙවර තහනම්

හජ් උත්සවය නිමිත්තෙන් සතුන් ඝාතනය මෙවර තහනම්

මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය ලබන 21 වනදා සමරනු ලබන අතර එදින සිට දින තුනක් දානමය කටයුත්ත සිදු කළ හැකිය යන්න පෙර සිට පවතින ක්‍රමවේදයයි. කෙසේ නමුත් මෙවර 23 වනදා පෝය දිනයක් වන බැවින් එය මෙවර දින දෙකකට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බි.එම්. අෂ්රෆ් මහතා විසින් මේ සම්බන්ධයෙන් සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත ලිඛිතව දන්වා යවමින් කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක සතුන් ඝාතනය සඳහා අවසර ලබා නොදෙන ලෙස උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments