වාහන ආනයනය කිරීම නතර කිරීමට පසුගිය සමයේ රජය ගනු ලැබූ තීරණයට අනුව මේ වන විටත් කිසිඳු වහනයක් ආනයනය නොකිරීමට රජය පියවර ගනිමින් සිටී.ඒ අතර පසුගිය දින වල සමාජ මාධ්‍ය හරහා වාර්තා වූයේ රජය වාහන ආනයනය කිරීමේ සූදානමක් ඇති බවයි.මේ සම්භන්ද අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කළේ මෙරටට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.
විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් සලකා බැලීමක් කරන බව මුදල් අමාත්‍යංශයේ ලෙක්ම්වරයා කියා සිටි අතර කෙසේ වෙතත් ඒ සදහා මෙතෙක් කාල වකවානු තීරණය වී නොමැති බවද සදහන් කරන ලදී. ශ්‍රී ලංකාවේ තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අනාවරණ වී තිබුණේ පසුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 08 ඉක්මවා ඇති බවයි. ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් අවුරුදු 10 ට වඩා පැරණි ඒවා වන අතර එවැනි වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලය සහ තවත් ආයතතන කිහිපයක් මගින් සිදු කළ පර්යේෂන මගින් තහවුරු වී තිබුණේ ශ්‍රී ලංකාවේ වායු දූෂණයට සියයට 60 ක් පමණ හේතුවන්නේ රථවාහන බවයි.