Sunday, January 12, 2025
HomeLocalඇමති ගම්මන්පිලගේ විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩු පක්ෂය එකඟ වේ

ඇමති ගම්මන්පිලගේ විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩු පක්ෂය එකඟ වේ

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පසුගිය දින වලදී සමාජ තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ ඇමතිවරයා බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත්විය.ඒ නිසාවෙන්මදෝ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පසුගිය දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. අද සහ හෙට විවාදයට ගැනෙන මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ මෙම විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ වේදනාව මතින් බවයි.එසේම ආණ්ඩුවේ විශාල පිරිසක් තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව කතා කළ අතර ඒ පිරිස් වලට රෙදි ඇඳගෙන මෙම විශ්වාසභංගයට පක්ෂව ජන්දය භාවිතා කළ නොහැකි බවද ඒ මහතා සදහන් කරානා ලදී.

මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ඒකමතකිව තීන්දු කළා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිලට ඉදිරිපත් කර ඇති විශ්වාභංග යෝජනාව සම්බන්ධයෙන් සිය තීරණය අද දිනයේදී ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments