Friday, May 24, 2024
HomeLocalඅත්තනෝමතික ලෙස කොතලාවල පනත සම්මත කර ගැනීමට හැදුවොත් එය පරාජය කරනවා

අත්තනෝමතික ලෙස කොතලාවල පනත සම්මත කර ගැනීමට හැදුවොත් එය පරාජය කරනවා

කළකට ඉහතදී සයිටම් පිළිබඳව සමාජය තුළ නිර්මාණය වූ විරෝධයට සමාන තවත් විරෝධතාවයක් මේ වන විට නිර්මාණය වී තිබේ.ඒ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්භන්ද කාරණාවයි.ඒ අනුව රජය හිතුවක්කාර ලෙස විශ්ව විද්‍යාල පනත සංශෝදනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව පරාජය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා විද්වත් මහා සංඝරත්නය, විශ්ව විද්‍යාල ප්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ථ ජනතාව ඒකරාශී කර ගන්නා බවයි. යෝජිත පනත මගින් මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යූහයට සහ එහි පැවැත්මට මරු පහරක් එල්ල කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙන ලදී.

එබැවින් ජනාධිපතිවරයාට මෙම යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත වහාම හකුලා ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් දක්වා තිබේ. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 වර්ෂයේ සිට මෙරට කැඩෙට් නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙරට ආරක්ෂක අංශ සඳහා වඩාත් නවීන හා විද්‍යානූකූල පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවද අනුමත කරන අතර ඒ සඳහා උපරිම සහය ලබා දෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments