Sunday, January 12, 2025
HomeLocalඅන්තර් පළාත් පොදු ප්‍රවාහනය නතර කළ හේතුව ඇමති දිලුම් කියයි

අන්තර් පළාත් පොදු ප්‍රවාහනය නතර කළ හේතුව ඇමති දිලුම් කියයි

කොවිඩ් වසංගත තත්වය හමුවේ පළාත් අතර සංචරණය සීමා කිරීමට පසුගිය වකවානුවේ රජය කටයුතු කරන ලදී.එහෙත් මීට සතියකට පමණ ඉහතදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සදහා ගමන් කරන පිරිස් වෙනුවෙන් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය කිහිපයක් යෙදවීමට රජය කටයුතු කර තිබුණි.කෙසේ නමුත් හදිසියේම පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ අත්‍යවශ්‍ය සේවාවලට ඇතුලත් නොවන පිරිස් වීම හේතුවෙන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

“කොළඹ ආශ්‍රිතව හමුවන ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව කොවිඩ් කමිටුව පෙන්වා දුන් නිසා අනවශ්‍ය ආකාරයට එම බස් රථවල හා දුම්රියවල ගමන් කරන පුද්ගලයන් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වූ නිසා එම ගමන් වාර නවතා දැමීමට පියවර ගත්තා .

පළාත් අතර ධාවනයට යොදවා තිබූ දුම්රිය හා බස් රථවල විශාල තදබදයක් දක්නට ලැබුණා. මේ නිසා කොළඹින් හඳුනාගෙන තිබෙන ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වුණා. එසේ වුවහොත් වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි වෙයි කියන මතයට පැමිණ කොවිඩ් කමිටුව අන්තර් පළාත් පොදු ප්‍රවාහන කටයුතු නතර කරන ලෙස උපදෙස් ලබා දුන්නා.

පිට පළාත්වල සිට කොළඹට එන බස්රථ පළාත් සීමාවලදී පරීක්ෂාකරන විට ඒවායින් වැඩි පිරිසක් ගමන් කර තිබුණේ අත්‍යවශ්‍ය නොවන පිරිස්. බස් රථයක 50 ක් ගමන් කර තිබුණොත් 10 දෙනෙක් පමණයි අත්‍යඅවශ්‍ය සේවා වලට ගමන් කරන අය සිටියේ. එම 10 දෙනා ඉතුරු කර අනිත් 40 බැස්සුවොත් එතනින් එහාට බස් රථය ගෙනියන්න රියදුරු හා කොන්දොස්තර කැමති වන්නේ නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments