මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් අවධානම් සහගත තත්වය නිසා විභාග පැවැත්වීමට බාධා ඇතිවී තිබේ.ඒ අනුව කඩින් කඩ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කිරීමට අධ්‍යාපන බළධාරීන්ට සිදුවිය.
ඒ අනුව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ විභාග පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව අධ්‍යාපන ඇමති ජී. එල් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර දැනුම් දෙන ලදී.
ඒ අනුව,
- 2021 අ.පො.ස (උ/පෙළ) විභාගය නොවැම්බර් 15 – දෙසැම්බර් 10 දක්වා
- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 14
වෙනිදා පැවැත් වීමට නියමිත බව දැනුම් දී තිබේ.