Friday, May 24, 2024
HomeLocalගැබිනි මව්වරුන් 2250කට කොරෝනා වැළදිලා

ගැබිනි මව්වරුන් 2250කට කොරෝනා වැළදිලා

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගර්භණි මව්වරුන් 2250 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13 දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.මේ අතර ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනකු කොවිඩ් වැළඳීමෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ වාර්තා වල දැක්වේ.

මේ අතර ගැබිනි මවුවරුන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණකැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

- Advertisment -

Most Popular

Recent Comments