Friday, May 24, 2024
HomeLocalෆයිසර් එන්නත් මාත්‍රා 60,000ක් අද අළුයම ලංකාවට

ෆයිසර් එන්නත් මාත්‍රා 60,000ක් අද අළුයම ලංකාවට

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මේ වන විට එන්නත්කරන වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක
ශ්‍රී ලංකාව මිළදී ගත්, “ෆයිසර් ” එන්නත් 60,000 ක තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නෙදර්ලන්තයේ,ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය , කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ, විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , මෙම එන්නත් තොගය මේ වනවිට , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .

- Advertisment -

Most Popular

Recent Comments