අද වන විට ඔන්ලයින් ක්‍රමය හරහා විවිද අක්‍රමිකතා සිදුවන බව අප කවුරුත් දන්නා කරුණකි.ඒ අතරට ලිංගික ක්‍රියාවලට සම්භන්ද විවිද සිදුවීම් වරින් වර වාර්තා වන බව දැක ගත හැකිය.විශේෂයෙන්ම එය ගණිකා වෘත්තියේ නියුතු කිරීමක් ලෙසත් හඳුනා ගත හැකිය.
ඒ බව සනාථ කරමින් උස්බෙකිස්තානු කාන්තාවක් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා යෙදවූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
තරුණ වයසේ පසුවන රූමත් තරුණියක් වන ඇය විවිද මිළ ගණන් යටතේ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අදාළ සැකකරු කටයුතු කර ඇති බව වාර්තා වේ.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගේ බිරිඳද මෙවැනිම වරදක් සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරත් සඳහන් කළේය.