Saturday, December 28, 2024
HomeLocalගුරු විදුහල්පති අර්බුදයට ඇමති සමග කළ සාකච්ජා අසාර්ථකයි

ගුරු විදුහල්පති අර්බුදයට ඇමති සමග කළ සාකච්ජා අසාර්ථකයි

පසුගිය දින වලදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සාකච්ජාවට භාජනය වූයේ ගුරුවරුන් හා සම්භන්ද ගැටලුකාරී තත්වයයි.කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අද (20) උදෑසන පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

එබැවින් දැනට ක්‍රියාත්මක මාර්ගගත ගුරු වර්ජනය ඉදිරියටත් කරගෙන යන අතර ‍අනිද්දා (22) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය.

ගුරුවරුන්ට දැනට පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීමේ යෝජනාවක් ලබන සඳුදා (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ඇමතිවරයා මෙහිදී පොරොන්දු වුවත් ස්ථිර විසදුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් නැතැයි ද ඔහු සදහන් කරන ලදී.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු ‍ සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

- Advertisment -

Most Popular

Recent Comments