Friday, December 27, 2024
HomeLocalමාර්ග සංවර්ධනය නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීමට සූදානම්

මාර්ග සංවර්ධනය නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීමට සූදානම්

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ උවත් මේ විට රට පුරා විවිද සංවර්ධන කටයුතු සාර්ථක අන්දමින් සිදු වෙමින් පවතින බව දැකගත හැකිය.ඒ අනුව
මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයාබලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මහාමාර්ග ඇමතිවරයා මහතා මෙසේ උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය ( 19 ) රැස්වූ අවස්ථාවේදීය.

මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය ඉක්මන් කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වන බැවින් ගාල්ල, රූමස්වල, උනවටුන ආදී සංචාරක කලාපයන්හි මාර්ග ඉක්මනින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වාදුන්නේය.

- Advertisment -

Most Popular

Recent Comments