Friday, May 24, 2024
HomeLocal2032 ඔලිම්පික් සත්කාරකත්වය 3 වන වරටත් ඕස්ට්‍රේලියාවට

2032 ඔලිම්පික් සත්කාරකත්වය 3 වන වරටත් ඕස්ට්‍රේලියාවට

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව විශාලතම ක්‍රීඩා උළෙල බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ නිසාවෙන්ම ලෝකයේ බොහෝ රටවල් ඔලිම්පික් සත්කාරකත්වය ලබා ගැනීමට උත්සාහ දරයි.කෙසේ වෙතත් එහි නවතම පියවර ලෙස 2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවරට හිමිව තිබේ. ඒ, ඊට අදාල අනුමැතිය අද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් හිමිවීමත් සමඟය.

ඒ අනුව 1956 වසරේ මෙල්බර්න් සහ 2000 වසරේ සිඩ්නි නුවර ට පසුව ඕස්ට්‍රේලියාවේදී ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වනු ඇති. ඇමරිකා එක්සත් ජනපදයට පසුව එකම රටක නගර තුනක දී ඔලිම්පික් උළෙල පවත්වන රට ලෙසද ඕස්ට්‍රේලියාව ඉතිහාසයට එක්වීමට නියමිතයි.

- Advertisment -

Most Popular

Recent Comments