Wednesday, December 25, 2024
HomeLocalදින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ මවක් අත්අඩංගුවට

දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ මවක් අත්අඩංගුවට

අද වන විට අම්මා නැමති භූමිකාව ඇතැම් කාන්තාවන් විසින් අමු අමුවේ කෙලෙසා දමන ආකාරය දුටු විට ඇතිවන්නේ පිළිකුල් සහගත හැඟීමකි.ඒ බව පසක් කරමින් හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බව වාර්තා වේ.

මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර සැකකාර මව දිනපතා බිලිඳියට දොවා මව්කිරි පොවන අතර සිද්ධිය වූ දිනයේ එම කිරි වලින් සැර ගන්ධයක් වහනය වූ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments