Friday, December 27, 2024
HomeLocalවැටුප් වැඩිවීම ඉල්ලා අද ගුරුවරු කොළඹ විරෝධතාවයකට සැරසෙයි

වැටුප් වැඩිවීම ඉල්ලා අද ගුරුවරු කොළඹ විරෝධතාවයකට සැරසෙයි

පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාව බවට පත්වූයේ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ ගැටලුවයි.කෙසේ කෙසේ වෙතත් මෙම තත්වය මත පදනම්ව සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබේ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ පෙරේදා දිනයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ගුරු විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත් කර වැටුප් පිළිබඳ කොමිසමක් පිහිටුවා පුළුල් සංවාදයක් තුළින් බවයි.

රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86 ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත් රාජ්‍ය සේවයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාව මත පනවන බදු වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණීම හෝ ණය ගැනීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

ගුරුවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments