Tuesday, December 24, 2024
HomeLocalආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද...

ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට

මාස ගණනාවක් තිස්සේ පළාත් අතර සංචරණ සීමා පනවා තිබීමෙන් අනතුරුව මේ වන විට පළාත් අතර සංචරණය සඳහා පොදු ප්‍රවාහන සේවා යෙදවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව එහිදී ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කර සිටී .

දුම්රියවල පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළ අතර කාර්යාල වේලාවන්හිදී ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොවන බවට මගීන්ගෙන් චෝදනාවක් එල්ලවන බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී. ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් ද කරුණු විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ ලබන සඳුදා සිට දැනට ධාවනය වන දුම්රිය ප්‍රමාණය සියයට 50 කින් වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

කාල සටහන්වලට අනුව සියලුම දුර ගමන් සහ අධිවේගී මාර්ගවල ලංගම බස්රථ ධාවනයද මේ වන විට ආරම්භ කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණඩුක ස්වර්ණහංස මහතා මාධ්‍ය වෙත සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments