කොවිඩ් රෝගයට අදාළ එන්නත්කරණ වැඩසටහන මේ දින වල ඉතාමත් සීඝ්රයෙන් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව දැක ගත හැකිය.කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එන්නත ලබා ගැනීම කලක සිට ප්‍රතික්ෂේප කරමින් සිට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබේ. තමන්ට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගත් බව විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත්, නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත්, එය මාරාන්තික විය හැකි බවත්, වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ. තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරුන්ගේ නියමයට එකග වූ බව ද විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබේ.