Tuesday, December 24, 2024
HomeLocalඇමති මහින්දානන්දට කොරෝනා ආසාදනය වේ

ඇමති මහින්දානන්දට කොරෝනා ආසාදනය වේ

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කොරෝනා ආසාදිතයෙකු බව ඇන්ටිජන් පරීක්ෂණයක් මගින් තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඊයේ පස්වරුවේ තමන්ට ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වූ බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමග තමන් ඇතුළු පවුලේ සියලුදෙනා වෛද්‍ය උපදෙස් අනුව මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද එහි දක්වා තිබේ.

පසුගිය සතියේ සිට ඊයේ දිනය තෙක් තමන් ඇසුරු කළ රාජ්‍ය නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි.

මෙම ව්‍යසනකාරී අවස්ථාවේ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එලෙස නිරෝධායනය වීම සියලුදෙනාගේ වගකීමක් බව ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments