Thursday, December 26, 2024
HomeLocalඅපේ රටේ සමාජ මාධ්‍ය තහනම් කරන්න හෝ නියාමනය කරන්න ඕනේ

අපේ රටේ සමාජ මාධ්‍ය තහනම් කරන්න හෝ නියාමනය කරන්න ඕනේ

සමාජ මාධ්‍ය නිසා සිදුවන සමාජ දේශපාලන බලපෑම මේ වන විට ඉතා ඉහළ මට්ටමකට පත්වී ඇති බවට විවිද පාර්ශව හරහා චෝදනා එල්ල වෙමින් තිබේ.ඒ අනුව ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටි.

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.

” මේ සිදුවන දේවල් වලට සමාජ මාධ්‍යයත් වගකියන්න ඕන. හොඳට උලුප්ප උලුප්ප පෙන්නනවා. මම කියන්නේ මේ තත්ත්වය උඩ අපි මේවා හරි විදිහට නියාමනය කරන්න නීති ගෙන්න ඕන. මේ ගැන මම හැමදාම කැබිනට් මණ්ඩලයේදී කතා කරනවා.

අපි ඉස්තාලේ ඇරලා දාලා වගේ තියනවා. මොකක් හරි උනාම බලනවා මොකක්ද කරන්න පුලුවන් කියලා. එක්කෝ මේ සමාජ මාධ්‍ය රටේ තහනම් කරන්න ඕන. නැත්නම් ඒවා නිසි නියාමනයක් කරන්න නීති ගේන්න අවශ්‍යයි. බලන්න චීනයේ සමාජ මාධ්‍ය නෑ. එහෙ තහනම්” අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments