Wednesday, December 25, 2024
HomeLocalවේයන්ගොඩ දුම්රිය මගීන්ට සහනයක් සපයමින් නව දුම්රියක් ධාවනයට එකතු කරයි

වේයන්ගොඩ දුම්රිය මගීන්ට සහනයක් සපයමින් නව දුම්රියක් ධාවනයට එකතු කරයි

රාජ්‍ය සේවකයින් හට 100% පැමිණීම අනිවාර්යය කිරීමෙන් පසුව මේ වන විට ප්‍රවාහන ගැටළුවක් මතුවී ඇති බව වාර්තා වේ.ඒ සඳහා විසදුමක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගනු ලැබීය. එය සෑම දිනකට පෙරවරු 7.00 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරයි.

මෙසේ ආරම්භ කරන නව දුම්රිය ගමන් වාරය හේතුකොට ගෙන තමන්ට ආරක්ෂිතව රාජකාරිය සඳහා ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට එම දුම්රියේ ගමන් කළ මගීහු සඳහන් කළහ.

දුර ගමන් සේවා දුම්රියන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන බොහෝ අවස්ථා වන විට මගීන්ගෙන් පිරී ඉතිරී පැවතීම හේතුකොටගෙන තමන් දැඩි අවදානම් තත්ත්වයක ගමන් කළ බව ද දුම්රිය මගීහු සඳහන් කළය.

ආරම්භ කළ නව දුම්රිය ගම්පහ, ගනේමුල්ල, රාගම, හුණුපිටිය, කැලණිය, මරදාන හා කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල නැවැත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය .

වේයන්ගොඩින් ගමන් ආරම්භ කරනවිටත් මගීආසන සියල්ල පිරී පැවතිනි. දුර ගමන් දුම්රියන් හි මඟින් ඉතා අනාරක්ෂිතව ගමන් කරනු දැකිය හැකි විය.

රඹුක්කන, පොල්ගහවෙල, සහ අඹේපුස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රියන් මීරිගම පසුකරන විට මඟීන්ගේ පිරීයාම නිසා, වේයන්ගොඩින් සහ ගම්පහින් දුම්රියට ගොඩවෙන අධික මඟී පිරිස එම දුම්රියවලට දරාගත නොහැකි තරම් වැඩිවීම පිලිබදව පසුගිය දින කිහිපය පුරාම මඟී ජනතාවගෙන් එල්ල වූ චෝදනා වලට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට විශේෂයෙන් ස්තූති කරන බව වේයන්ගොඩ දුම්රිය මගී සංගමය සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments