Friday, May 24, 2024
HomeLocalසෞඛ්‍ය සේවා අර්බුදය ඉහළ යමින් ඇති පසුබිමක සෞඛය වෘත්තීය සමිති එකමුතුව අදත්...

සෞඛ්‍ය සේවා අර්බුදය ඉහළ යමින් ඇති පසුබිමක සෞඛය වෘත්තීය සමිති එකමුතුව අදත් විරෝධතාවයක

මේ දින වල රට පුරාම විවිද උද්ගෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව දැක ගත හැකිය.ඒ නිසාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් පවා උල්ලංඝණය වන බව පෙනී යයි.කෙසේ වෙතත් එවැනි තත්වයක් මත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවන් නොසලකා හරිමින් සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකවර සේවයට කැඳවීමට විරෝධය පළ කරමින් අද උදෑසන 07 සිට සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛය වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටී.

මෙලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් පද්ධතිය අර්බුදකාරී තත්ත්වයකට පැමිණ ඇති මොහොතකය.කෙසේ වෙතත් මාධ්‍ය මගින් ඉකුත් දා පළමුවරට අනාවරණ කළේ කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල හා රත්නපුර ශික්ෂණ රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් මතුව ඇති බවයි.

එය ද තහවුරු කරමින් මෙරට රෝහල් පද්ධතියෙන් සියයට 90 ක පමණ ප්‍රතිශතයක් මේවනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරන ලදී.

අප රත්නපුර වාර්තාකරු පැවසුවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් රත්නපුර ශික්ෂණ රෝහල මේවනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි. ඒ අනුව රෝහල් අධිකාරිවරයා තීරණය කර ඇත්තේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි. පවතින තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම පුළුල් කර ඇති බවත්, සෙසු වෛද්‍ය ප්‍රතිකාර සේවා සීමා කර ඇති බවත්, රෝහල් අධිකාරිවරයා ප්‍රකාශ කර සිටී.

රාගම ශික්ෂණ රෝහලේ වත්මන් තත්ත්වය සොයා බැලීමට ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එකගතාවකට පැමිණ ඇත්තේ රෝහලේ පවතින තදබදය අවම කිරීමට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් වාට්ටු කිහිපයක් වෙන් කිරීමටයි.

- Advertisment -

Most Popular

Recent Comments