Friday, December 27, 2024
HomeLocalවිපක්ෂනායක සජිත්, අත්අඩංගුවට ගත් ගුරුවරු බැලීමට යයි

විපක්ෂනායක සජිත්, අත්අඩංගුවට ගත් ගුරුවරු බැලීමට යයි

මේ දින වල පවතින උද්ගෝෂණ ක්‍රියාවලිය නිසා රට විශාල වශයෙන් අර්බුද රැසකට ගමන් කරමින් ඇති බව පෙනෙන්නට තිබේ.ඒ නිසාවෙන් පොලීසියට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇත.ඒ බව සනාථ කරමින් ගුරු-විදුහල්පති විරෝධතාවයෙදී පසුගියදා ගුරුවරුන් 22 දෙනෙකු, ගුරුවරියන් 16 දෙනෙකු සහ සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ වෙතත් ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබේ.

එහිදී වරාය පොලිසිය තමන්ට බාධා එල්ල කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments