Friday, December 27, 2024
HomeLocalකොවිඩ් ආසාදනය වී කරාපිටියේදී ගුරුවරියක් මියයයි

කොවිඩ් ආසාදනය වී කරාපිටියේදී ගුරුවරියක් මියයයි

මේ දින වල විශාල වශයෙන් රටේ සියලුම දෙනා කතා බහට ලක්කරන මාතෘකාවක් වන්නේ ගුරු උද්ගෝෂණ පිළිබඳවයි.කෙසේ වෙතත් සමාජයේ ඇතැම් පාර්ශවයන් මේ පිළිබඳව දැඩි විරෝධයක් පෙන්නුම් කරන පසුබිමක කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ගුරුවරියක් , විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු ඇතුළු 06 දෙනෙකු මියගොස් ඇති බව ඉකුත් (05) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණවල දි අනාවරණය වී තිබේ.

මියගිය ගුරුවරිය 59 හැවිරිදිවියේ පසුවන දෙදරුමවකි.ඇය මහආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකාරියකි.මෙකි ගුරුවරිය දියවැඩියා රෝගයෙන් පෙලි ඇති අතර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙන තිබේ.

ඇය උදරයේ ඇතිවු ආබාධයක් නිසා 18 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙන අතර රෝහලේ 17 වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදි ඇය ඉකුත් 30 වැනිදින පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇති අතර එහිදි ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබේ.

මියගිය විශ්‍රාමික සෙබලා හික්කඩුව වැරැල්ලාන ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදිවියේ පසුවන සිව්දරුපියෙකි.ඔහු වසර 08ක පමණ කාලයක සිට අංශභාග රෝගය වැළදිමෙන් නිවසේ එක්තැන්ව සිටි අයෙකි.

ඔහු රෝගි වී ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙන අතර මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments