Friday, May 24, 2024
HomeLocalජනපතිගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් බව පවසා මුදල් වංචා කළ වඩ්ඩෙක් මාට්ටු

ජනපතිගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් බව පවසා මුදල් වංචා කළ වඩ්ඩෙක් මාට්ටු

මෙරට ඇතැම් තරුණ කොටස් දේශපාලකයන් පසුපස ගමන් කරන්නේ බොහෝ විට රැකියාවක් ලබා ගැනීමේ අරමුණ සහිතවය.ඒ බව දන්නා ඇතැම් වංචාකරුවන් එය උපක්‍රමයක් සේ සලකා මුදල් වංචා කිරීමේ පුවත් දැනගත හැකිවේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් පෙනී සිටිමින් , වරාය,තෙල් සංස්ථාව ඇතුලු රජයේ ප්‍රසිද්ධි ආයතනවල රැකියා ලබා දෙන බව පවසා පුද්ගයන් රැසකගෙන් මුදල් වංචා කළ වඩු කාර්මිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (6) පෙරවරවේ දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

දික්වැල්ලේ පදිංචි සැකකරු රැකියා සදහා අයදුම්පත් වල මුලික ගෙවීම් බව පවසමින් රුපියල් 10,000/ 15,000 වශයෙන් මුදල් ගිණුමට බැරකරගෙන ඇති බවත්, මේ අයුරින් සැකකරු විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා මංගල දැන්වීම්වල අනුව තවත් කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බවද පොලිසිය පවසයි.

- Advertisment -

Most Popular

Recent Comments