මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය ඉතාමත් විශාල වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක අද (06) උදෑසන ප්‍රකාශ කර තිබේ.
මේ වන විට තමන් ඇතුලු පවුලේ සියලු දෙනා සහ සමිපව කටයුතු කළ සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටින බවත් මේ දින කිහිපයේදි සමිපව කටයුතු කළ පිරිස වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.