Friday, May 24, 2024
HomeLocalරට තුළ පැවැත්වෙන සියලුම උත්සව සදහා මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ.

රට තුළ පැවැත්වෙන සියලුම උත්සව සදහා මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ.

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රටෙහි පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව උත්සව ශාලාවක 500කට වැඩි ආසන පහසුකම් ප්‍රමානයක් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙක්ට පමණි.

උත්සව ශාලාවක 500කට අඩු ආසන පහසුකම් ප්‍රමානයක් ඇත්නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකුට පමණි.

අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.

රාජ්‍ය උත්සව පැවැත්වීම සැප්තැම්බර් මස 01 වෙනිදා දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති අතර මෙම සියලු රේගුලාසි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

- Advertisment -

Most Popular

Recent Comments